Nokia 5710 XpressAudio පරිශීලක අත්පොත

Skip to main content
All Devices

Nokia 5710 XpressAudio

ඔබේ දුරකථනය සකස් කර ක්‍රියාත්මක කරන්න

නැනෝ-SIM

නැනෝ-SIM
වැදගත්: මෙම උපාංගය සැලසුම් කර ඇත්තේ නැනෝ SIM කාඩ්පතක් සමග භාවිතා කිරීමට පමණි. නොසැසඳෙන SIM කාඩ්පත් භාවිතය මඟින් කාඩ්පතට හෝ උපාංගයට හානි සිදු විය හැකි අතර කාඩ්පතේ ගබඩා කර ඇති දත්ත දූෂිත විය හැකිය.
සටහන: කිසියම් ආවරණයක් ඉවත් කිරීමට පෙර උපාංගය අක්‍රීය කර ආරෝපකය හා වෙනත් කිසියම් උපාංගයක් වෙතොත් විසන්ධි කරන්න. ආවරණ කිසිවක් මාරු කිරීමේදී විද්‍යුත් සංරචක ස්පර්ශ කිරීමෙන් වළකින්න. සෑම විටකම, සම්බන්ධ කර ඇති කිසියම් ආවරණ සමඟ උපාංගය ගබඩා කිරීම හෝ භාවිත කිරීම කරන්න.

පසුපස ආවරණය විවෘත කරන්න

පසුපස ආවරණය විවෘත කරන්න
  1. දුරකථනයේ පහළ ඇති කුඩා විවරය තුළට ඔබගේ නියපොත්ත දමා, ආවරණය ඔසවා ඉවත් කරන්න.
  2. බැටරිය දුරකථනයේ තිබේ නම්, එය ඉහළට ඔසවන්න.

SIM කාඩ්පත ඇතුල් කරන්න

SIM කාඩ්පත ඇතුල් කරන්න
  1. දුරකතනයේ ඉහලින් SIM කාඩ්පත් රඳවනය තල්ලු කොට යවමින් එය විවෘත කරන්න.
  2. විවරයේ SIM කාඩ්පත ස්ථානගත කරන්න.
  3. රඳවනය වසා, එය දුරකතනයෙහි පහලට තල්ලු කරමින් දුරකතනයෙහි අදාල තැන අගුළු වැටීමට සලස්වන්න.

දෙවෙනි SIM එක ඇතුල් කරන්න

දෙවෙනි SIM එක ඇතුල් කරන්න
  1. ඔබ සතුව SIM දෙකේ දූරකතනයක් තිබේනම්, SIM2 විවරයේ SIM කාඩ්පත් ධාරකය දකුණට ලෙස්සා යවා එය විවෘත කරන්න.
  2. විවරයේ ඔබගේ දෙවැනි SIM එක ස්ථානගත කරන්න.
  3. විවරය වසා දමා, එයට එහි අඟුලු දැමීමට එය වමට ලිස්සා යවන්න.

උපාංගය භාවිත නොවී පවතින විට SIM කාඩ්පත් දෙකම එක විට ලද හැකිව පවතින නමුත්, SIM කාඩ්පත් එකක් සක්‍රිය විට, එනම් නිදසුනක් ලෙස, ඇමතුමක් ලබා ගන්නා විට, අනෙක ලද නොහැකි වීමට ඉඩ ඇත

ඉඟිය: ඔබගේ දුරකථනයට SIM කාඩ් 2 ක් භාවිතා කළ හැකිදැයි දැන ගැනීමට, අලෙවි කොටුවේ ඇති ලේබලය බලන්න. ලේබලයේ IMEI කේත 2 ක් තිබේ නම්, ඔබ සතුව ද්විත්ව-SIM දුරකථනයක් තිබේ.

මතක කාඩ්පත ඇතුල් කරන්න

මතක කාඩ්පත ඇතුල් කරන්න
  1. මතක කාඩ්පත් ධාරකය වමට ලෙස්සා යවා, එය විවෘත කරන්න.
  2. විවරයේ මතක කාඩ්පත ස්ථානගත කරන්න.
  3. එය ස්ථානගතව අගුලු දැමීමට රඳවනය වසා එය දකුණට ස්ලයිඩ් කරන්න.
  4. බැටරිය ආපසු දමන්න.
ඉඟිය: හොඳින් හඳුනන නිෂ්පාදකයෙකු වෙතින් වන වේගවත් 32 GB microSD මතක කාඩ්පතක් භාවිත කරන්න.

පසු කවරය වසන්න

පසු කවරය වසන්න
  1. කන්ඇබ බහාලුම් කවරය පහළට තල්ලු කරන්න.
  2. පසු කවරයේ ඉහළ කොටස නියමිත ස්ථානයට ලෙස්සා යවන්න.
  3. පසු කවරය පහළට ඔබන්න.
  4. කන්ඇබ බහාලුම් කවරය උඩට තල්ලු කරන්න.

දුරකථනය ක්‍රියාත්මක කර කන්ඇබ සම්බන්ධ කරන්න

  1. ඔබගේ දුරකථනය සක්‍රීය කිරීමට, බලය යතුර ඔබා අල්ලා සිටින්න.
  2. කන්ඇබ ක්‍රියාත්මක කිරීමට ඒ්වා ඒවායේ බහලුමෙන් ඉවතට ගන්න.
  3. ඔබේ දුරකථනයෙන් මෙනුව > කන්ඇබ > TWS සම්බන්ධ කරන්න තෝරා, TWS සම්බන්ධ කරන්න සක්‍රීය කර උපාංග හමුවුණා > Nokia XpressAudio කන්ඇබ තෝරන්න.
Did you find this helpful?
ආරම්භ කරන්න
  • යතුරු සහ කොටස්
  • ඔබේ දුරකථනය සකස් කර ක්‍රියාත්මක කරන්න
  • ඔබගේ දුරකථනය ආරෝපණය කරන්න
  • යතුරු ඵලකය
  • කන්ඇබ භාවිතා කරන්න

Useful Links

PDFSoftware UpdatesFull SpecificationsEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you