ඔබගේ දුරකථනය ආසන්න ක්‍ෂේත්‍ර සන්නිවේදනය (NFC) සඳහා සහය දක්වයි නම්, ඔබට ඒවාට සම්බන්ධ කිරීමට අමතර උපාංග තට්ටු කිරීමට, සහ යම් අයෙකු ඇමතීමට හෝ වෙබ් අඩවියක් විවෘත කිරීමට ඇමුණුම් තට්ටු කළ හැක. NFC ක්‍රියාකාරීත්වය ඔබගේ උපාංගයෙන් ගෙවීමට තට්ටු කිරීම වැනි විශේෂිත සේවා සහ තාක්‍ෂණ සමහරක් සමග භාවිත කළ හැකි වෙයි. මෙම සේවා ඔබගේ කලාපයේ ලද නොහැකි වීමට ඉඩ ඇත. මෙම සේවාවල ලද හැකියාව පිළිබඳ අතිරේක තොරතුරු සඳහා, ඔබගේ ජාල සේවා සැපයුම්කරු සම්බන්‍ධ කර ගන්න.
NFC භාවිත කිරීමට පෙර, තිරය සහ යතුරු අගුළු හැර ඇතිදැයි තහවුරු කරගන්න.
NFC ප්‍රදේශය ඔබගේ දුරකථනයේ පසුපස ආවරණයේ තිබේ.
ඔබගේ දුරකථනය වෙනත් දුරකථනයකට හෝ අමතර උපාංගයකට සම්බන්ද කිරිමට, හෝ NFC ටැග් කියවීමට, හුදෙක් අනෙක් උපාංගය හෝ ටැගය ඔබගේ දුරකථනයේ NFC ප්‍රදේශය සමග තට්ටු කරන්න.
ඔබට අමතර උපාංගයට තවදුරටත් සම්බන්ධව තබා ගැනීමට අවශ්‍ය නොවේ නම්, ඔබට අමතර උපාංගය විසන්ධි කළ හැකිවේ.
අමතර උපාංගයේ NFC ප්‍රදේශය නැවත තට්ටු කරන්න.
වැඩිදුර තොරතුරු සඳහා, අමතර උපාංගයේ පරිශීලක මාර්ගෝපදේශය බලන්න.
Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.
Start chatPrefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.
Find a care center near you